Colombo Today Local News

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, සිව්වනුවත්, පස්වෙනුවත් රාජපක්ෂ පමණක් බවත් දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගමට නායකත්වයන් සුදුසු නොමැතිදැයිද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

121 වැනි ආදර්ශ උදා ගම්මානය “නදීජයගම” බුලත්සිංහල පරගොඩදී ගෙවල් 33න් යුතුව ඉදි කොට ජනතාවට අයිතිය පවරා දීමේ උත්සවයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය

“විදේශ මාධ්‍යවේදියෙකු විසින් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගෙන් ඊළඟ නායකයා කවුදැයි අසා තිබුණා. පුතාට කල වයස මදි තව කාලයක් යනකොට වයස හරියාවි එතකන් මගේ සහෝදරයා ඉන්නවා කියලා තිබුණා.

මේ කලුතර පොහොට්ටුවේ නායකයො නැද්ද? කුමාර වෙල්ගමලට නායකත්වය සුදුසු නැද්ද? දිනේෂ්ලට ඒ නායකත්වය ගන්න බැරිද?

පොහොට්ටුවේ කට්ටියට හැමදාම ඕනෑ රාජපක්ෂලයි. පළමුවත් රාජපක්ෂ, දෙවනුවත් රාජපක්ෂ, තෙවනුවත් රාජපක්ෂ, සිවුවැනිවත් රාජපක්ෂ, පස්වෙනුවත් රාජපක්ෂ ලයි. අන්තිමට ඔහොම ගිහින් ඉතිරි වෙන්නේ රාජ පස්ස විතරයි. “

Related posts

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම් – අනවසර ගිනිඅවි භාවිකා කළාදැයි සැකයක්?

colombotoday

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

colombotoday

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday