Colombo Today Local NewsfeaturedHot News

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් අද (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.

නව පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් විරෝධය පළ කර ඇතැයි ද වාර්තාවේ.

තිලක් මාරපන හා මංගල සමරවීර යන ඇමැතිවරුන් ද එහිදී අදහස් දක්වා ඇති අතර මංගල සමරවීර , තිලක් මාරපන යන ඇමැතිවරුන් සහ විජයදාස රාජපක්ෂ, චම්පික රණවක යන ඇමැතිවරුන් අතර ගැටුමක් ඇතිවූ බව ද වාර්තා විය.

මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම දීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් බව ද, අලුතින් හඳුන්වාදෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සඳහන් වී ඇතැයි නව කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වාදී ඇතැයි වාර්තාවේ.

බෙදුම්වාදය යන්න දඬුවමක් ලෙස ඇතුළත්ව නැති බව සදහන් කර ඇති විජයදාස රාජපක්ෂ මහතා එය බරපතල දඬුවමක් යැයි පෙන්වාදී ඇති බව සඳහන්වේ.

මේ අතර ත්‍රස්තවාදයට සම්බන්ධ අයකු කරන පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු පැවරිය නොහැකි බව නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සඳහන් බවද, එංගලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේද පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු කළ හැකි බව සඳහන් වන්නේයැයි විජයදාස රාජපක්ෂ පෙන්වාදී තිබේ.

Related posts

වෛරස් උණට දකුණේ තවත් දරුවන් දෙදෙනෙක් බිලි… සබරගමු, බස්නාහිර පළාත්වලටත් පැතිර යෑමේ අවදානමක්

colombotoday

දවටගහ මුස්ලිම් පල්ලිය අසල කඩයක් ගිනි ගනී.. පල්ලියටත් ගිනි ඇවිලෙයි

colombotoday

ඉන්ධන මිල රු.5 කින් පහළට

colombotoday

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin

හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්. | ගෝඨාභය බුද්‌ධ ශාසනයට කරණ අසාධාරණය

colombotoday

මහජන නියෝජිතයින් පී.සී.ආර්. පරීක්ෂණවලින් කට්ටි පනියි

colombotoday