Colombo Today Local News

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් සමුළුවේ කතා බහට

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෙන ඇති තීරණය ජගත් මානව හිමිකම් සමුළුවේ බරපතල අවධානයට යොමු කර තිබේ.

ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නව මහ ලේකම්වරිය මිෂෙල් බැෂලේ සිය මංගල දේශනය පවත්වමින් කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ආන්දෝලනාත්මක සුළු බවයි.

දැනට මරණීය දණ්ඩනය නියම කරනු ලබන අපරාධ වලට අමතරව රාජ්‍ය දේපල වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන අයත් එල්ලුම් ගස් යැවීමට නීති සම්පාදනය කරන මෙන් ජනාධිපති වරයා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරය සැප්තැම්බර් 28 දායින් නිමවෙයි.

Related posts

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

colombotoday

සේරුවා විල අර්බුදයට යටින් උල්පන්දන් දෙන්නේ අලි සබ්‍රි | පිනට හම්බවෙච්ච ඇමතිකම. | පත්වෙච්ච දවසේ ඉදන් හරි වැඩක් කලේ නෑ.

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

විමලවීරගේ සහයත් රනිල්ට

Admin

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

colombotoday

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday