Colombo Today Local News

විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් – පොලිස්පති

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.

පොලිස්පති සහන මැදිරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද පොලිස්පතිවරයා කීය.

සිද්ධිය පිළිබඳව පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ල පලකර ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ දිසාබාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පනාමල්දෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශණ පවත්වයි.

පොලීසියට ලැබී ඇති මෙම පැමිණිල්ලට අනුව සැකකටයුතු කිරිපැකට් බෙදාදී ඇතැයි පැවසෙන්නේ කොළඹ යූනියන් ප්‍රදේශයේදී යැයි කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.

Related posts

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ OIC කූඩුවට

colombotoday

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

පාර්ලිමේන්තුව රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු. පක්ෂ නායක රැස්වීමත් කල් යයි.

colombotoday