උතුරේ කාන්තාවන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින බවත් දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බවත් රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් පවසයි.
යාපනය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
තම පක්ෂය දියුණු කිරීමට පමණක් ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, උතුරේ වැසියන් පිළිබඳ සොයා නොබලන බවත්, දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
පසුගියදා යාපනයේදී හය හැවිරිදි පාසල් දැරියක් ඝතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් දැක්වූ අතර,එම සිද්ධියත් සමඟ යුද්ධය නිමාවු 2009 මැයි 18 පෙර දෙමළ ජනතාව ජීවත්වු ආකාරය පිළිබඳ නැවත දැනෙන්න පටන් ගෙන ඇති බව සඳහන් සඳහන් කළාය.