Colombo Today Local News

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01දා) සිට ජූලි මාසය පුරා රට වටා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

‘එළිය’ දේශපාලන වැඩසටහන යටතේ ජූලි මාසයේ පළමු සම්මන්ත්‍රණය අද (01දා) පෙරවරු 9.30ට දඹුල්ල ගලේවෙල ටී.බී. තෙන්නකෝන් ශාලාවේදී පැවැත්වේ.

ලබන 8 වැනිදා මාතරදී ද, 15 වැනිදා හලාවතදී ද, 22 වැනිදා නුවරඑළියේදී සහ 29 වැනිදා අම්පාරේදී ‘එළිය’ දේශපාලන සම්මන්ත්‍රණ පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

මෙයට අමතරව ‘වියත් මඟ” සම්මන්ත්‍රණද මේ මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම වැඩසටහනේ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය. ‘එළිය’ සම්මන්ත්‍රණයේදී ආචාර්ය පාලිත කොහොන, ආචාර්ය නාලක ගොඩහේවා, රියර් අද්මිරාල්, සරත් වීරසේකර හා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ඇතුළු විද්වත්හු පිරිසක් අදහස් දක්වති.

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

හෙළ උරුමයට අගමැති විශ්වාසයි..! විශ්වාසභංගයට සහය නොදෙන්න තීරණය කරයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

colombotoday

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday

“මීට පස්සේ කියන්නෙම නැතිව ලයිට් කපනවා.. රටට ඇතිවෙන්න විදුලිය දෙන්න අමාරුයි” – ඇමති අජිත්

colombotoday