Colombo Today Local News

එළවළු මිල ගණන් ඉහළට

දේශීය වෙළඳපොළ තුළ එළවළු මිල ගණන් ඉහල ගොස් තිබේ. දිවයින පුරා පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණය හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි වෙළදුන් පවසති.

පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණය හේතුවෙන් අස්වැන්න බොහෝ ප්‍රමාණයක් විනාශ වීමත් කලට වගාවන්වල නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වීමත් මෙම තත්වය උග්‍ර වීමට හේතුවී ඇත. එසේම වගා සැළසුම් නොමැති වීම මෙසේ වෙළඳපොළ තුළ එළවළු හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

දැනට වෙළඳපොළට එළවළු ලබා දීම වැලිමඩ සහ වැල්ලවාය ප්‍රදේශවලින් පමණක් සිදුවන බව වෙළඳුන් පෙන්වා දෙයි.

ඒ අනුව වෙළඳපොළේ එළවළු කිලෝවක නව සිල්ලර මිල ලෙස, මාලු මිරිස් රු.560, ලීක්ස් රු.280, ගෝවා රු.160, බණ්ඩක්කා රු.120, තක්කාලි රු.240, අමුමිරිස් රු.400ක් අලෙවි විය.

එසේම මෙම මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම ඉතා අඩුවී ඇතැයි වෙළඳ ප්‍රජාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related posts

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් දියේ ගිලී මරුට

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ගැන ඉස්ලාම් හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයෙන් නිවේදනයක්…

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday