Colombo Today Local News

ගෝඨා ගැන ඤාණසාර හිමිගේ තක්සේරුව කියයි (Video)

හිට්ලර් කෙනෙකු වී මිලිටරි පාලනයක් ගෙන ගොස් හෝ මේ රට හදන්නැයි අස්ගිරි අනුනාහිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ ප්‍රකාශය පිලිබදව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හිරු රූපවාහිනියේ “සලකුණ“ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දක්වා සිටියහ.

අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශය කාලෝචිච බවත් වරදක් නොමැති බවත් උන්වහන්සේ එහිදී සදහන් කර සිටියේය.

‘මේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිසක දුෂ්ප‍්‍රාඥයින්ට නොවේ’ යයි බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බව පැවසු ඥාණසාර හිමියෝ එය තේරුම් ගත යුත්තේ ඒ අර්ථයෙන් බවද සදහන් කලහ.

මේ රට මේ වන විට වැටී ඇති අගාධයෙන් ගොඩ නැගීමටනම් සියලු ක්ෂේත්‍රයන්වල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බවත්, ඒ සදහා සෘජු තීරණ ගත හැකි නායකයෙක් අවශ්‍ය බවත් එහිමින් සදහන් කර සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව ජනතාව තුළ යම් විශ්වාසයක් ගොඩ නැගී ඇති බවත්, දැඩි පාලනයක් ගෙන ගොස් හෝ මේ රට නිවැරදි දිශාවට යොමු කළ යුතු බව මේ රටේ බහුතරයකගේ මතය වී තිබෙන බවද ඤාණසාර හිමියන් සදහන් කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/salakuna/videos/2084796008511068/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

අරමුදල් හා වත්කම් අත්හිටුවීමේ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin