Colombo Today Local News

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

කෝට්ටේ අනුනාහිමියන්ට යවා ඇති පිළිතුරේ සඳහන් පරිදි ඇමැතිනිය බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත්වන හොඳ උපාසිකාවක් බව හඟවා තිබෙනවා. ඒ ඇමැතිනි උපාසිකාව තමන්ගේ විශ්වාසය අනුව කෝට්ටේ අනුනාහිමියන්ට ධර්ම විනිශ්චයක් ලබාදී ඇතැයිද විපස්සි හිමියෝ පවසති.

ඇමැතිනිය පිළිතුරුදී ඇත්තේ අහපු ප්‍රශ්නයට නොවේ. එය ගැමි වහරේ එන යන්නේ කොහේද මල්ලේ පොල් වර්ගයේ පිළිතුරක්. එය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ අම්බංපුට්ඨෝ ලබුප්ං ව්‍යාකරෙය්‍ය වශයෙන්. ඒ කියන්නේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන කිව්වා වාගෙයි

පාරාජිකා ගැන හෝ විනය ගැන විනිශ්චයක් ඇමැතිනියගෙන් අවශ්‍ය නැහැ. එය මහ සංඝරත්නය හොඳාකාරවම දන්නවා. බෞද්ධ භික්ෂුන් වහන්සේගේ හෝ විහාරස්ථාන දේ‍පොළ පිළිබඳව හෝ ගැටලුවලදී නීති සම්පාදනය කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ වගන්තියේ 105 ව්‍යවස්ථාවේ හොඳාකාරවම දක්වලා තිබෙනවා. කෝට්ටේ සංඝ සභාව අමැතිනියට දැන්වූයේ ඒ අනුව ක්‍රියා කරන්න කියලයි. නමුත් ඊට නිසි පිළිතුරක් දෙනවා වෙනුවට ඇමැතිනිය විනය නීති ගැන සංඝ සභාවට පාඩමක් උගන්වන්න ගිහින් තියෙනවා.

පාරාජිකා හා සිවුරු හැරවීම ගැන ඇමැතිනිය තමන්ගේ විශ්වාසය අනුව කියා පිළිතුරු සටහන් කර තිබෙනවා. ඇමැතිනියගේ ඒ විශ්වාසය අනුව ධර්ම විනිශ්චයක් මෙයට අදාළ නැහැ. ඇය කළ යුත්තේ 105 ව්‍යවස්ථාව අනුව ක්‍රියාකිරීමයි.

බුදුදහමට ප්‍රමුඛ තැන ලැබුණේ අද ඊයේ නොවේ. මිහිඳු මාහිමියන් වැඩම කළදා සිට එය රාජ නීතියක් බවට පත් වුණා. එය නීතිගත කළේ දේවානම්පියතිස්ස රජතුමායි. රටේ පත්වන නායකයන් ඒ සමාජ නීතිය සුරක්ෂිත කළා. ඒ නීතිය තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාවේත් දක්වා තිබෙන්නේ. මෙය වටහා නොගැනීම කණගාටුවක්.

මේ රටේ ප්‍රබුද්ධ ධර්ම විනයධර මහ තෙරවරුන්ට ධර්ම විනිශ්චය උගන්වන්න පෙර නීතිය හා රීතිය ගැන අවබෝධ කර ගැනීම වටින්නේ යැයිද හෑගොඩ විපස්සි හිමියෝ වැඩිදුරටත් පවසති.

Related posts

පොන්නමබලම් රාමනාදන්ලා ඩී එස් සේනානායකලා කැප්පෙටිපොළ ව්‍යාපාරයේ උරුමක්කාරයන් නො වෙයි.

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

colombotoday

LTTE ය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දුන් අයෙක් නිරෝධායන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට

colombotoday