Colombo Today Local NewsHot News

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන 18ක් විවිධ බලපෑම් කරමින් සිටින බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

විවිධ ස්ථානවලට එම සංවිධාන දුරකථන ඇමතුම් ලබාදී තිබෙන බවද ඇමතිවරයා කියා සිටී.

නීතිපති දෙපාර්තමේන්තුව නියමිත පරිදි අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නම් ඊයේ 19 දා ඥාණසාර හිමියන්ට ඇප ලබාගැනීමට අවස්ථාව තිබූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

ජනාධිපතිවරයා අධිකරණයට බලපෑම් කරනු ඇද්දැයි රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තරය බලා සිටින බැවින් ජනපතිවරයා ආරක්ෂා කර ගනිමින් වැඩකර ගෙන යන බවද අමාත්‍යවරයා කියා සිටී.

ඤාණසාර හිමියන් සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා හා නිලධාරීන් සමග ඊයේ දිනයේදී තමන් සාකච්ඡා කළ බවත්, විවිධ සංවිධෘන හා පුද්ගලයන් ලබාදුන් ලිපි ගොනුවක් අනතුරුව ජනාධිපතිවරයාට ලබා දුන් බවත් හෙතෙම පවසා සිටියේය.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව දැනට මතුව ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මූලාශ්‍රය – අද

Related posts

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

colombotoday

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday