Colombo Today Local News

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇත.

ඒ පෙරේදා සිය නිල නිවසේදී පැවති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිට ඇත. සාකච්ඡාව ආරම්භයේදීම හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු කර ඇත්තේ ඉකුත්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳවය.

“අපේ සමහර අය මම දෙන උපදෙස් පිළිපදින්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්නෙ. ජනතාව අපි වටා එකතුවෙන කොට අපි පෞද්ගලික දේවල් මුල්කර ගෙන ප්‍රශ්න ඇති කරනවා. ආණ්ඩුවට විරුද්ධ හැමෝම ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙලා අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ නෑ. අපිට තියෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ හැමෝම සමග එකතුවෙලා ආණ්ඩුව පෙරළන්නයි. එහෙම කරන්න බැරි අය ඉන්නවා නම් ඒක අපි කලින් දැන ගන්න ඕනේ.” යැයිද රාජපක්ෂ මහතා මෙහිදී දැඩි ස්වරයකින් ප්‍රකාශ කර ඇත.

Related posts

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

colombotoday

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

Admin

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday