Colombo Today Local News

ඥාණසාර හිමියන්ට ලබා දුන් දඩුවම ගැන එක්නැළිගොඩ බිරිඳ සතුට පළකරයි

පුරවැසියාගේ වගකීම නීතිය ශක්තිමත් කිරීම බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවමෙන් තමා සෑහීමකට පත්වන බවත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසයි.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැණවැදී තර්ජනය කිරීමේ සිදුවීමට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇය මෙම අදහස් දැක්වීය.

ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කර එය මාස හයකින් ගෙවී යන ලෙස අධිකරණය අද නියෝග කළේය.

“පුරවැසියාගේ වගකීම තමා නීතිය ශක්තිමත් (කිරිම) මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ (තියෙනවා). ඒ අනුව තමයි මහේස්ත්‍රාත්තුමා දඬුවම් නියම කළේ. මේ දඬුවමෙන් මම සෑහීමකට පත්වෙනවා හා සතුටට පත්වෙනවා. අධිකරණයක් ඇතුළේ හෝ ස්ත්‍රියකට හින්සා කිරීම වරදක් කියන එක මේ රටේ සියලුම මිනිස්සු දැනගන්නවා. අනාගතයේදී ඕනෑ තරම් මිනිස්සු ඉන්න පුළුවන් වින්දිතයින්ට හිංසා කරන්න.”

Related posts

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

colombotoday

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin