Colombo Today Local News

යුද සැමරුමට උතුරු විපක්ෂ නායක දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශ‍යේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීම වෙනුවෙන් පසුගිය මැයි 18 වැනි දා පැවැත්වු සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභා විපක්ෂනායක ලබාදුන් රුපියල් 7000 මුදල පියවීම වෙනුවෙන් නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(12) කටයුතු කරනු ලැබීය.

මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් රුපියල් 7000 බැගින් එකතු කර තිබු අතර, අදාළ මුදල් එකතු කිරීමේදී පළාත් සභා විපක්ෂනායකවරයා මුදල් ලබාදී තිබූ අතර මුල්ලිවයික්කාල් සැමරීමේ සංවිධාන කටයුතු යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කිරීම හේතුවෙන් එම සැමරුමේ මුදල් කෙලෙස වියදම් කළේද යන්න සම්බන්ධයෙන් පළාත් සභා විපක්ෂනායක ආර්.තවරාසා මහතා විසින් පසුගිය පළාත් සභා සැසිවාරයේ දී පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා තිබිණි.

අදාළ විමසීමේදී පළාත් සභා විපක්ෂනායකවරයා ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවසා තිබුණේ මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් විදේශගත ‍දමිල ජනතාව මුදල් ලබාදී තිබුණේද යන්න පිළිබඳවයි.

පළාත් සභා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය හේතුවෙන් මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභා විපක්ෂනායකවරයා ලබාදුන් රුපියල් 7000 රුපියල බැගින් එකතු කිරීමට නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් කටයුතු කර ඇත.

නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන්ගෙන් රුපියල බැගින් එක්කර එකතු‍ කළ මුදල බෑගයක දමා හිඟන්නන්ට දෙන මුදල යනුවෙන් සඳහන් කර උතුරු පළාත් සභා විපක්ෂනායක වෙත ලබාදෙන ලෙසට පවසා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් අදාළ මුදල් රැගෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා වෙත භාරදීමට කටයුතු කළහ.

අදාළ මුදල රැගෙන පැමිණි නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් විග්නේශ්වරන් මහතා හරහා තවරාසා මහතා වෙත ලබාදීමට සාකච්ජා කර ඇතත්, විග්නේශ්වරන් මහතා එහිදි පවසා ඇත්තේ තමන්ට එම මුදල් භාර ගැනීමට නොහැකි බැවින් විපක්ෂනායකවරයා වෙතම රැගෙන පැමිණි මුදල් ලබාදෙන ලෙසයි.

එහිදී එම මුදල් භාර ගැනීමට විපක්ෂ නායක වරයා නොපැමිණීම හේතුවෙන් එම මුදල් රැගෙන විපක්ෂ නායක වරයාගේ නිවසට නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් ගියද නිවසේ කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් එම මුදල් නිවසේ ඉදිරිපිට දමා ගොස් ඇති අතර පසුව එය දුටු විපක්ෂ නායක වරයා යාපනය පොලීසිය වෙතට ඇමතුමක් දී පවසා ඇත්තේ තම නිවස ඉදිරිපිට මුදල් තොගයක් දමා ගොස් ඇති බවටයි පසුව එම මුදල් යාපනය පොලීසිය විසින් රැගෙන ගොස් ලේඛනගත කර ඇත.

Related posts

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරනවා – හිටපු කථානායක කියයි

colombotoday

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය හා වර්තමානය දැක්වෙන කෞතුකාගරයක්

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව සිරිකොත කුමන්ත්‍රණයක් ?? මෙතෙක් හෙළි නොවුණු රහස්

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin