Colombo Today Local News

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

වෙබිතැබීම සිදුව ඇත්තේ කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමිනි.

අදාළ දේවාලය මීට වසරකට පෙර අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට අයිති වී තිබේ.

ඉන් උරණ වූ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතාගේ සැලසුමක් මත ඔහුගේ ජීප් රථයෙන් ම පැමිණි 3 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිවී ඇතැයි කියා සිටී.

ඒ බව එම අවස්ථාවේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද තහවුරු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් පිටුපස ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ලුහුබැඳ ඇති නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

කෙසේ වෙතත් එහි සිටි පොලිස් නිලධාරීන් අදාළ ජීප් රථයේ අංකය සටහන් කර පොලීසියට ලබා දී ඇති බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා පැවසුවේ ය.

මේ අතර වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පළා ගිය ජීප් රථය ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් සොයා ගනු ලැබී ය.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කිරිවෙහෙර පුද බිමේදී ඊයේ රාත්‍රි 10.50 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ය.

ඉන් තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා අනෙක් හිමිනම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

කිරිවෙහෙර නායක හිමියන් හා අනෙක් හිමිනම මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූයේ, කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු විහාරස්ථානය වෙත වඩිමින් සිටියදී ය.

 

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වරටත් අද සිට වැසේ

colombotoday

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

colombotoday

සමලිංගිකත්වය නීතිගත කරන්න, අගමැති කාර්යාලයෙන්, විදේශ අමාත්‍යංශයෙන් 20 වතාවකට වඩා ඉල්ලීම් කරා… බැරිම තැන නියෝගයකුත් නිකුත් කළා – යහපාලන සමනළ සෙල්ලං හිටපු අධිකරණ ඇමති හෙළිකරයි

colombotoday

රැකියා දස ලක්ෂයක් පෙන්වා, ඇමති දයා ගල්ඔයේ මහ ඉඩම් කොල්ලයක

colombotoday