විශ්වමඩු ප්රදේශය භාරව සිටි කර්නල් රන්නප්රිය බන්දු අද (10) එම ප්රදේශයෙන් අබේපුස්ස කදවුරට මාරුවීමක් ලැබී යන දවසය. එල්ටීටීඊ සංවිධානයේ සිටි පුද්ගලයින් සිවිල් ආරක්ෂක බලකායට බදවාගත්ත පුනරුත්ථාපනය වූ පුද්ගලයින්ට සහ එම ප්රදේශයේ ජීවත්වූ පුද්ගලයින්ට කර්නල් රන්නප්රිය බන්දුගේ නික්මයාම ඉතා සංවේදී අවස්ථාවක් බවට පත්වී තිබුණි.
“ආරක්ෂක හමුදා උතුරෙන් ඉවත් කරනු” දෙමල ජාතික සන්ධානයේ දේශපාලන සටන් පාඨ මැද, මහපොළවේ ජීවත්වෙන මිනිස්සු හමුදා නිලධාරීන් වෙත දක්වන ප්රතිචාරය කෙලසද? යන ප්රශ්නයට පිළිතුර විශ්වමඩු ප්රදේශයෙන් අද සමස්ත ලෝකයටම ලැබී ඇත.