Colombo Today Local News

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා


‘රටම දැන් අවුලකට පත්වෙලා. ජනාධිපති අගමැතිට හොරා කියනවා, අගමැති ජනපතිට හොරා කියනවා. ඊටපස්සේ මන්ත‍්‍රීවරු 118කට හොරා කියනවා. මේ සියලු දෙනාම එකාට එකාට කියනවා. මෙතෙක් කල් මට හොරා කියපු අයට දැන් අමතක වෙලා. ඒකට කියන්නේ දිට්ටධම්මවේදනීය කර්ම කියලා. මොන ඇත්ත කතාව කිව්වත් වැඩක් නෑ දැන් රටේ ජනතාව ඉදිරියේ හැමෝගෙම රෙදි ගැලවිලා.’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කාන්ති කොඩිකාර හා චිත්‍රානි සුගතපාල යන මහත්මින් විජේරාම පිහිටි නිල නිවසේ දී මහරගම නගර සභාවේ නව නාගරික මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ලෙස අද දිවුරුම් දුන් අවස්ථාවේදී යි.

පොහොට්ටුව මාස 8ක් තුළ ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් වෙලා. අපිත් එක්ක එන අය අපි ප‍්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ. සමහරු අකමැති වුණාට. ප‍්‍රාදේශීය දේශපාලයනයයි ජාතික දේශපාලනයයි හැමෝම අවබෝධ කරගත යුතුයි. මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් හැම වෙලාවකම අපි විරුද්ධ විය යුතුයි. අපිට බැන්නා දොස් කිව්වා අපහාස කළා කියලා හිටියොත් මේ රටේ ජීවත් වෙන්න බෑනේ. තුනෙන් දෙක බලයට අරගෙන රට වනසන්න ඉඩදෙන්න බෑ. අපි ඒ තුනෙන් දෙක බි`දින්න කටයුතු කළ යුතුයි.’ යැයි ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

Related posts

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin