Colombo Today Local News

සයිටම් වෙඩි තැබීමේ නාටකයේ ප්‍රධාන නලුවා රිමාන්ඩ්

සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න  මහතා මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වරයා අද පස්වරුවේදී නියෝග කළේය.

ව්‍යාජ පැමිණිල්ක් කිරීම, පොලිසියට ව්‍යාජ ප්‍රකාශයක් දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ ද, ගිනි අවි ආඥා පනතට යටතේ ද ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද පෙරවරුවේ අදාළ චෝදනා කියා දී සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

වෛද්‍ය සමීර සේනාරත්න  මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත්  2017 වසරේ පෙබරවාරි  හය වැනිදා  සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර  එය  හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධියට යොදා ගත් බව කියන ගිනි අවි දෙකක් ද රහස් පොලිස් භාරයට ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

 

Related posts

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

ගිනි ගත්‍ MT නිව් ඩයමන්ඩ් – සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin