Colombo Today Local News

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට..! ඉවත්වූ CEOගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මත්තල ගුවන්තොටුපොළට කිසිඳු ගුවන් යානයක් නොපැමිණෙන බව ඊයේ(07) දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධායක විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි නුවර ජුනි 5 දින පැවති ගුවන් සමාගම් ප්‍රධායක විධායක නිලධාරීන්ගේ සමුළුවකදී අදහස් දක්වමිනි.

එනම් ඔහු ධූරයෙන් ඉල්ලාවීමේ ලිපිය බාරදීමට දින දෙකකට පෙරදීය.

එසේම ඔහු ප්‍රකාශ කර ඇත්තේ මත්තල ගුවන්තොටපොළ හැදින්වීමට ඇති හොඳම ආකාරය “සුදු අලියෙක්“ බවයි.

මේ අතර “බොහෝ දුරට මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු ගුවන්තොටුපොළ අධිකාරියට විසින් පාලනයට පවරා ගනු ඇති බව ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

නමුත් තමන් එය ප්‍රකාශ කිරීමට හරි ආකාරවම නොදන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ “චීන ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවෙහි ආරම්භ කළ ව්‍යාපෘති හා යටිතල පහසුකම් කා සඳහා ගොඩනැගුවාද යන්න තමන් නොදන්නා නමුත්, ඒ තුළින් අවසානයේ ශ්‍රී ලංකාවට ධනාත්මක බලපෑමක් තිබූ බවයි.

Related posts

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday