Colombo Today Local NewsHot News

සුජීව සේනසිංහ මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගෙන ඇත්තේ මැතිවරණයට පසුවයි. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්?

ආන්දෝලානාත්මක බැදුම්කර ගනුදෙනුවට අදාල සමාගමට අයත් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට අවස්ථා 3 න ක දී රැපියල් මිලියනයේ චෙක්පත් තුනක් මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා ලබා දී ඇති බව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව එම චෙක්පත් ලබා දී ඇති දිනයන් ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ 2015/08/24- 2015/10/12- 2016/03/31 යන දිනයන්ය.

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා භාරගනු ලබන අවසාන දිනය වන්නේ 2015/07/13 වන දින වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2015/08/17 දිනය. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයා මෙම චෙක්පත් තුනේම මුදල් ලබා ගන්නේ 2015 මහමැතිවරණය නිමාවූවාට පසුව බවය. අවසන් චෙක්පත ලබා ගත් 2016/03/31 වන විට සුජීව සේනසිංහ ජාත්‍යයන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිවරයාය. ඔහු එම රාජ්‍ය ඇමතිධූරයේ දිවුරැම් දෙනු ලබන්නේ 2015/09/09 දිනය.

රන්ජිත් විතානගේ

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා විසින් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් මෙසේ මුදල් ලබා ගැනීම පැහැදිලිවම අල්ලසක් වන බව පෙනී යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ පිළිබදව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවවෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව සඳහන් කර සිටියි.

Related posts

නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් අද ඇරඹේ

colombotoday

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday