Colombo Today Local NewsTop Stories

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මුදල් ලබා ගෙන ඇති බව හෙළි වී ඇතැයි වෙබ් අඩවි කිහිපයක් වාර්ථා කර තිබෙනවා.

දැනට ජනාධිපතිවරයා සතුව ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් අයගේ නම් ලැයිස්තුව මේ දක්වා හෙළිදරව් නොකර ඇත්තේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ලැබෙන දැඩි බලපෑම හමුවේ බව පැහැදිලි වෙන බවයි එම වෙබ් අඩවි වාර්තා කර සිටින්නේ.

මේ අතර අර්ජුන් ඇලෝසියස්ගෙන් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ද අවස්ථා 3 ක දී රුපියල් මිලියන 3 ක් ලබාගෙන ඇතැයි ඊයේ අධිකරණය හමු‍වේ හෙළිදරව් විය. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩින් අරක්කු සමාගමේ කෑෂ් චෙක් පත් තුනකින් මෙම මුදල් සුජීව සේනසිංහට ගෙවා ඇත.

සුජීව සේනසිංහ බැඳුම්කරය ගැන පොතක් මුද්‍රණය කෙළේය. දයාසිරි ජයසේකර මෙන්ම සුජීව සේනසිංහ ද මේ සම්බන්ධයෙන් පවසන්නේ එම මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු මුදල් ආධාර බවයි.

මුලාශ්‍රය: abrighterfuture.lk

Related posts

නුවරඑළිය කන්තෝරුව ලියුම් බෙදන්නයි මුද්දර බෙදන්නයි විතරයි

Admin

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin