Colombo Today Local News

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් 13 වැනි සංශෝධනයේ බලතල ක්‍රියාත්මක කරමින් පළාත් සභාවේ අවසරයක්‌ නැතිව උතුරේ ඉඩම් පවරා ගැනීම තහනම් කරමින් යෝජනාවක්‌ සම්මත කර ගෙන ඇත.

යුද හමුදාව මේ තහනම කඩකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පෙරේදා (05 වැනිදා) යාපනයේ පැවති දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම අමතා ප්‍රකාශ කර තිබේ. මෙම 13 වැනි සංශෝධනය මත උතුරු පළාත් සභාවට අයත් ඉඩම් පවරාගැනීමට පළාත් සභා අවසරය අවශ්‍ය බව ඔහු සඳහන් කර ඇත.

උතුරු පළාත් සභාවේ මෙම යෝජනාව සම්මත වීම නිසා උතුරේ ආරක්‍ෂාව උදෙසා ඉඩම් පවරා ගැනීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය අර්බුදයකට ලක්‌වේ.

Related posts

ජනපති එයි…

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

විමල්ට සෙත් පතන්න ඥාණසාර හිමියෝ වැලිකඩ වඩිති !

colombotoday

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday