Colombo Today Local News

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර මරුදන්කේනි ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියුතු සිංහල ධීවරයන් කඩිනමින් එම ප්‍රදේශයෙන් ඉවත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

මරුදන්කේනි ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයත් ඉඩම්වල ධීවර වාඩි සියයක් පමණ ඉදිකර ඇති බවත් එම වාඩිවල සිට ධීවර කටයුතුවල නිරත වන්නේ පිටස්තර ධීවරයන් බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.

පිටස්තර ධීවරයන් හේතුවෙන් මරුදන්කේනි ප්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ධීවරයන් දැඩි අපහසුතාවටත් පීඩාවටත් පත්ව සිටින අතර ඔවුන්ගේ දැඩි ඉල්ලීම වන්නේ මේ පිටස්තර ධීවරයන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම බවද සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් ඊට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් මරුදන්කේනි ධීවරයන් හා එක්ව දැඩි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

සුමන්තිරන් මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ මරුදන්කේනි ප්‍රදේශයේ පසුගියදා ධීවර ජනතාව හමුවූ අවස්ථාවේදීය.

Related posts

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන මානව හිමිකම් වාර්තාව භාරදෙයි

Admin

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

colombotoday

තේ දළු වල B-60 ප්‍රතිපත්තිය ජනවාරියේ සිට අනිවාර්යයි

Admin

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin