Colombo Today Local News

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවති සමයේදී සයිනයිඩ් කා මියගිය පළමු  කොටි සාමාජිකයා වූ පොන් සිවකුමරන් මියගොස් අදට (05) වසර 44 ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් පහන් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

යාපනය උරුම්පිරායි පොදු වෙළඳසැළ ඉදිරිපිට පිහිටි පොන් සිවකුමරන්ගේ පිළිරුව ඉදිරිපිටදී පහන් දල්වා මියගිය හිටපු කොටි සාමාජිකයා සිහි කළේය.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ පිහිටි බැංකු මංකොල්ලකන කාලවකවානුවේදී යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි බැංකුවක් මංකොල්ලකන බවට යාපනය පොලීසිය තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය විසින් අදාළ බැංකුව වටලන අවස්ථාවේදී බැංකු මංකොල්ලකමින් සිටි පොන් සිවකුමරන් නැමත්තා පොලීසියට හසුවීමට ආසන්න අවස්ථාවේදී සයිනයිඩ් කරලක් කා මියගොස් ඇත.

1 2 3 4 625.0.560.320.160.600.053.800.700.160

 

Related posts

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

ඇමති රාජිතගේ රෙදි ගැලවේ – ඇවන් ගාඩ් ආයතනයෙන් මිලියන 5ක් අරන්

colombotoday

ගණිකා නිවාසයක් වටලා කතුන් 08ක් අල්ලයි

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

colombotoday