Colombo Today Local News

ඉන්ෆුලුවෙන්සා උණ සදහා වන එන්නතෙන්වලින් පුද්ගලික රෝහල් පාරිභෝගිකයින් ගසා කනවා!

මේ වන විට දකුණු පළාත පුරා පැතීරීයන ඉන්ෆුලුවෙන්සා උණ වෛරසය දිවයිනපුරා පැතීරියතැයි බියෙන් රෝගය නිවාරණය කිරීම සදහා බොහෝ දෙමාපියන් තම දරැවනට ඉන්ෆුලුවෙන්සා එන්නත ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් බොහෝ පුද්ගලික රෝහල් එම එන්නත විශාල මුදලකට අලෙවි කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ….,

“බොහෝ පුද්ගලික රෝහල් ඉන්ෆුලුවෙන්සා එන්නත අලෙවි කරන්නේ රැපියල් 2000 මුදලකට වන අතර ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා තවත් රැපියල් 2000 ක් ද අදාල පුද්ගලික රෝහලට ගෙවිය යතුයි.දකුණු පලාතේ එම එන්නත අලෙවි කරන්නේ රැපියල් 5800 කටය. ඒ අනුව එම එන්නත සදහා පාරිභෝගිකයාට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබීම නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුළ ඇතැයි පුරසාරම් දොඩවන හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයාද වන සෞඛ්‍ය ඇමතිවරයෙක් සිටින රටකට කිසිම ආකාරයකින් උචිත නොවේ.”

“සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ රෝග නිවාරණය සදහා ඉන්ෆුලුවෙන්සා එන්නත ලබා ගැනීම හොද බවය. එහෙත් එම එන්නත රජයේ රෝහල් සදහා ලබා දීමට කටයුතු නොකරන්නේ ඇයිද? යන්න අපට ගැටලුවකි.
රජයේ රෝහල් සදහා එම එන්නත ලබා දිය නොහැකි නම් සාධාරණ මිල කට එම එන්නත ලබා ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස්කිරීම රජයේ වගකීම බව අප අවධාරණය කරමු. කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ දකුණේ දරැවන් මිය ගිය සංඛ්‍යාව ජනතාවගෙන් වසන් කිරීමට දරණ උත්සහය නවතා දමා ලෝක සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ ඉල්ලීමක්කර මෙරට දරැවන්හට ලබා දීම සදහා ඉන්ෆුලුවෙන්සා එන්නත මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි. නැතහොත් ඔබවෙත ලැබුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුර මාධ්‍ය සංදර්ශණවලට පමණක් සීමාවනු ඇත.”

“තම වැටුප් සහ වාහන බලපත් ලබා ගැනීමට පමණක් වර්ජනය කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන්ද අප ඉල්ලා සිටින්නේ මෙරට දරැවන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීම සදහා ඉක්මනින් මැදිහත්වන ලෙසයි.”

Related posts

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

colombotoday

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

මහර ගැටුම : රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. අධිකරණයේදී හෙළි වෙයි.

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday