Colombo Today Local News

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

මේ බමස 05 වැනිදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ බලය උරගා බැලීමට මේ අවස්ථාව යොදා ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රී ලනිපය හා එජාපයත් මේ වනවිට මේ සඳහා මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය කථානායක සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එහිදී තමන් ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ජයග්‍රහණය කර නියෝජ්‍ය කථානායක තෝරා ගනිමින් පාර්ලිමේන්තුවේ තම බලය තහවුරු කරගැනීම එක්සත් ජාතික පක්ෂයේත් ඒකාබද්ධ විපක්ෂයේත් අරමුණ වී තිබේ.

නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටී. මේ සම්බන්ධයෙන් 16 දෙනාගේ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු සඳහන් කළේය.

අගමැතිවරයා සමඟ කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟද මේ ගැන සාකච්ඡා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා සඳහන් කෙළේය.

මීට අමතරව ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාගේ සහායද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාගැනීමට සාකච්ඡා කරන බව එම නියෝජිතයා සඳහන් කෙළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් දැඩිව පෙනී සිටින පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අප සමඟ පැවැසුවේ අවශ්‍ය වුවහොත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි. බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ඉදිරිපත් කරමින් හොඳින් කටයුතු කරන බවත් ඔහුට විපක්ෂයේද සහාය ලබාගැනීමට හැකි බවත් එම මන්ත්‍රිවරයා පැවැසීය.

කෙසේ වුවත් නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.

මව්බිම

Related posts

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday

දුම්බර රක්ෂිතයේ දුක්බර අවසානය! අක්. 21000ක් විකුණයි.. අක්. 900ක් කුකුළ් ගොවිපළකට

colombotoday

එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කර රනිල් එලවන්න සජිත් පිල සූදානම් !

colombotoday

“මගේ දෑත් බැඳලා වගෙයි“ – හෝමාගම මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday