Colombo Today Local News

දින 100 වැඩපිළිවෙල හැදුවේ මෛත්‍රීගේ එකගතාවයෙන් – ජයම්පතී වික්‍රමරත්න

2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් කළ දින 100 වැඩපිලිවෙල සකස් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ද දැනුවත්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. එය තනි පුද්ගලයෙකු විසින් සකස් නොකළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දුන් සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් සකස් කරන ලද්දක් බවති වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

මෙම වැඩපිළිවෙල එළිදැක්වීමට පෙර පැවති අවසන් සාකච්ඡාව සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි වී ඇති අතර එහිදී වාක්‍යයෙන් වාක්‍යය දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ඔහු පවසන්නේ.

පසුගිය 30 වැනිදා පැවති, මාදුළුවාවේ සෝභිත හිමි 76 වැනි ජන්මෝත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දින 100 වැඩපිළිවෙල සකස් කළේ කවරෙක්ද යන්න නොදන්නා බවයි.

මෙම වැඩපිළිවෙල සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය මුලින්ම යෝජනා කළ බවත් ඉන් පසු සියලු පාර්ශ්වවල අදහස්, යෝජනා සලකා බලා වැඩපිළිවෙල සකස් කළ බවත් ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. සෝභිත හිමි ඇතුළු පාර්ශ්වය දින 180 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළද එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් අනුව එය දින 100 දක්වා අඩු කළ බව ඔහු පවසයි.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කරයි

colombotoday

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යලි ඉහළට

colombotoday

මුස්ලිම් දේහයක ඇට කැඩීම ඔහු ජීවත්ව සිටියදී කැඩුවා හා සමානයි. – වැලලෙන්න ඉල්ලා බදුර්දීන් යලිත් ජනපතිට ලියයි

colombotoday

ශාසනාරක්ෂක සභාව සමග බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයට (Video)

colombotoday

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

colombotoday

අසාද් සාලි සමාජයට පිළිලයක් – මනුෂ නානායක්කාර කියයි.

colombotoday