Colombo Today Local NewsHot News

එක්නැලිගොඩ සිදුවීමට අත්අඩංගුවට ගත් නිළධාරීන් ගැන සොයා බැලීම යුධ හමුදාව මගහැරලා, වැටුප් ගෙවීමත් අත් හිටවලා – ඥාතීන්ගෙන් චෝදනා

346779cce1ef87ef58ab8cc7851e232d99167a0b47372b60a69921aa6bd7bd8aප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන්වීම පිළිබඳව දැනට හමුදා සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන දින 45කට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇතත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු පියවරක් මෙතෙක් යුධ හමුදාව විසින් නොගැනීම පිළිබඳව එම නිලධාරීන්ගේ ඥාතීන්ගෙන් යුධ හමුදාව වෙත චෝදනා එල්ල කරයි.

එම ඥාතීන් පවසන ආකාරයට මෙම නිලධාරීන් සියළුදෙනා පසුගිය දශක තුනක යුධ කාලයේදී ශ්‍රී ලංකාවේ ඒකීය හා අඛණ්ඩභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා අතිවිශාල සේවයක් කලද අද ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට යුධ හමුදාවට වගකීමක් ඇතත් එය මගහැරීම පිළිබඳව තම බලවත් විරෝධය පලකර ඇත.

තවද එම ඥාතීන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ සැකයට පමණක් භාජනය වූ මෙම නිලධාරීන්ගේ වැටුප් අත්අඩංගුවට ගත් දිනයේ සිටම යුධ හමුදා නියෝගයන් මගින් නැවැත්වීම එම පවුල් වලට මෙන්ම නිලධාරීන්ටද කරනු ලබන බලවත් අසාධාරණයක් බවය. මෙතෙක් යුධ හමුදාවේ නීති අංශය මේ පිලිබඳව නිහඩතාවය රැකීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම හිතාමතාම මගහැර ඇති බව ඥාතීන් චෝදනා කරයි. එමෙන්ම අත්අඩංගුවට ගත් නිලධාරීන් ත්‍රස්තවාදීන් සේ සලකා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මේ වනතෙක් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම මෙම රණවිරුවන්ට කරනු ලබන අසාධාරණයක් වන බැව් ඔව්න් පෙන්වාදී ඇත.

මේ සියළු කරුණු පිළිබඳව ඉදිරියේදී නීතිමගින් ක්‍රියාකිරීමට මෙම පවුල් වල ඥාතීන් අදහස් කර ඇත. දැනට සේවය කරමින් සිටින නිලධාරීන් සැකයට පමණක් භාජනය වී අත්අඩංගුවට පත්ව සිටියදී මෙවැනි ක්‍රියාමාර්ග යුධ හමුදාව විසින් ගන්නේ නම් දැනට තම ජීවිත කාලයම රට ජාතිය ආරක්ෂා කිරීමට කැපකර විශ්‍රාම ගොස් සිටින අයවන්‍දාන් හට යම් නීතිමය ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඔවුන්ට කාගේ පිහිටක්ද යන්න ඔවුන් විසින් නගන තවත් තර්කයකි. මෙම සිදුවීමේදී දැනටමත් විශ්‍රාම ගිය අයවළුන් 4 දෙනෙකු සහ යුධහමුදා තොරතුරුකරුවන් තිදෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් වෙනුවෙන් කවුරුන් ක්‍රියා කරන්නේද යන්නත් පිලිබඳව ඔවුන්ගේ ඥාතීන් විසින් ප්‍රකාශ කර ඇත.

 

Related posts

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 බරපතල වැඩ සහිත සිරදඩුවම්.

Admin

“සංහිදියාව” එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් – චම්පික යලිත් ජාතිකවාදයට

colombotoday

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday