Colombo Today Local NewsHot News

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

තමන්ට අයිති නැති නඩු විභාග සඳහා බලෙන් පෙනී නොසිටින ලෙස නීතීඥ අජිත් ප්‍රසන්නට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.

ඒ, ‘ද නේශන්’ පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (30) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

නීතීඥ අජිත් ප්‍රසන්න අමල් කරුණාසේකර සම්බන්ධ නඩු විභාගයේදී ද මෙසේ බලෙන් පෙනී සිට බරපතළ දේශනයක් ඉදිරිපත් කර තිබිණි.

රහස් පොලීසිය මේ සම්බන්ධයෙන් අමල් කරුණාසේකර මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට ගොස් ඇති අතර එහිදී අමල් කරුණාසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් අජිත් ප්‍රසන්නව නොදන්නා බවත් ඔහුගේ සේවය ඉල්ලා නොමැති බවත් ය.

අජිත් ප්‍රසන්න රණවිරුවකු වශයෙන් පෙනී සිටිමින් එතැන රඟපාන බවත් එවන් අයකුගෙන් සේවය ලබා ගැනීමට තමන්ට අවශ්‍ය නොමැති බවත් අමල් කරුණාසේකර මහතා රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නීතීඥ අජිත් ප්‍රසන්න මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඔහුව දෝෂාරෝපණයට ලක් කර ඇති අතර තමන්ට අයිති නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින ලෙස දැඩි ලෙස අවවාද කර තිබේ.

Related posts

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday

සත්‍යප්‍රිය ලියනගේ ත් සමගි ජන බලවේගයට සහය පලකරයි

Admin