Colombo Today Local News

භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.

Monksසම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අරමුණින් තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ලබා ගැනීමේ අස්ගිරි කතිකාව ඊයේ (10) මහනුවරින් ඇරඹිණි.

බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ අස්ගිරි මහා විහාරයේදී අතිපුජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මුණගැසී උන්වහන්සේලාගේ අදහස් විමසා සිටියේය.

තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වු නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට පසුගිය කාලපරිච්ඡේදයේදී අතිපුජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නය විසින් රජයේ අවධානයට යොමු කළහ.

අනතුරුව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීමක් වන බැවින්, තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුමපත් සකස් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන් තිබේ.

මෙම පනත මගින් භික්ෂු වහන්සේලාගේ ධර්ම විනයට පටහැනි නොවන පරිදි කටයුතු කිරිමට වගබලා ගැනිම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම මෙහි මුලික අරමුණ වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතයේ නිකාය හෝ පාර්ශවයේ සංඝ සභාවේ සංයුතිය හා කර්තව්‍ය , භික්ෂුන් වහන්සේලාගේ හැසිරිම හා විනය කරුණු පිළිබදව, විහාරාධිපති භික්ෂුන් වහන්සේලාගේ අයිතිය හා ඉවත් කිරිම්, භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම, ශිෂ්‍යභාවය ඉවත් කිරීම, භික්ෂුන් වහන්සේලා කතිකාවේ විධිවිදානවලට අනුව කටයුතු කිරිම, කතිකාවේ විධිවිදාන උල්ලංඝනය කිරීම ගැන පරික්ෂණ පැවැත්වීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳ හා බුද්ධ ශාසනයේ චිරජීවනය උදෙසා බලපානු ලබන තවත් වැදගත් අංශ ගණනාවක් මෙම පනත් කෙටුම්පතෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

විධායකය අහෝසි කරන 20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

පාර්ලිමේන්තුවට බාර දුන් හඩපට 1500 ආපසු ගත්තා – රන්ජන්

colombotoday

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday