Colombo Today Local News

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පසුගිය 24දා මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සංහිඳියාව රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදී ඇත්තේ ඒ නිසයි. එහෙත් සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතිනවා. එහෙත් ඔවුන්ට කිසිවිටෙක රට ආපස්සට හැරවීමට ඉඩ ලබාදිය යුතු නැහැ.” යැයි පවසා සිටියේය.

Related posts

BREAKING : නවතම ඇඳිරිනීති නිවේදනය

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට නැගෙනහිරින් විරෝධය.. දකුණ නිහඩයි

colombotoday

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

Admin

ජනපති යලි රටපුරා සන්නද්ධ හමුදා කැදවෙයි

colombotoday

හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

colombotoday