Colombo Today Local News

මිලියන 4 ක් රජයට පාඩු කල නිලධාරියාට එරෙහිව රවී අද උසාවියේ

අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද (25) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා ඉදිරියේ පෙනී සිටියේය.

සතොස මගින් ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ කි‍්‍රයාවලියේදී රජයට අයුතු සහගත හෝ නිතිවිරෝධී ලෙස පාඩුවක් විය හැකි බව දැන දැන මිල දර්ශකයට පටහැනිව සහල් මෙටි‍්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 4 ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරී සුනිල් මිලේතියස් විමල් පෙරේරා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව සාක්ෂි විභාගය සඳහා හිටපු අමාත්‍යවරයා එලෙස අධිකරණයේ පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළ ස්ථීර මහෙස්ත‍්‍රාත්වරිය රාජකාරි නිවාඩු ලැබ සිටීම හේතුවෙන් නඩුවට අදාළව සාක්කි ලබාදීම ලබන ජුලි 20 වැනි දා ට කල් තැබූ අධිකරණය එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට නැවත සිතාසි නිකුත් කරනු ලැබීය.

Related posts

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

නංගිට ඉංග්‍රීසි බෑ – රිෂාඩ්ගේ නිවසේ මියගිය ඉෂාලිනිගේ සොහොයුරා පවසයි.

colombotoday