Colombo Today Local News

ඉන්දියාවෙන් ඇවින් නිධන් කඩයි.. පුජාව දෙද්දී අත්අඩංගුවට

නිධානයක් ගැනීමට උත්සහ කරමින් සිටියදී ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයන් සිවු දෙනෙකු කිලිනොච්චිය රාමනාදපුරම් හි දී අත්අඩංගුවට ගෙන ඇත.

රාමනාදපුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වූ අදාල ඉන්දීය ජාතිකයින් තිදෙනා සහ ලාංකිකයින් වූ ඇඹිලිපිටිය ,හෝකන්දර ,අම්බලන්ගොඩ හා මිනිවන් ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචි ලාංකිකයින් සිව් දෙනා මෙසේ රාමනාදපුරම් ප්‍රදේශයේ නිධානයක් වෙනුවෙන් පූජාවක් කිරීමට සැරසෙන අතරතුර ධර්මපුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම පිරිස ඊයේ (24) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටි ඉන්දීය ජාතිකයින් තිදෙදෙනාගේ වීසා නොමැතිව අනවසරයෙන් රැඳී ඇති බවටද ධර්මපුරම් පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.

සැකකරුවන් අද දිනයේ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

මහන්සිය අපතේ නොයයි… ජයම්පතිගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සමන් රත්නප්‍රියට !

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

colombotoday

නෝම්බි අල්ලන්න බැරිවෙතැයි කට්ටි පනින මුස්ලිම්වරුන්ට නිරෝධායනයට එක්වනැයි දැනුම් දෙයි

colombotoday

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday