Colombo Today Local News

උතුරේ කොටි සැමරුම් පිටුපස එම්මානුවෙල් පූජකයා… ලංකාවට ගෙන්වීමට අතහිත දකුණේ ප්‍රබල ඇමතිගෙන්

ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාව යලි එක්සේසත් කළ දිනයේ උතුරේ ජන සංහාර සතියක් ප්‍රකාශයට පත්කිරීම සහ ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව පැවැත්වීම පිටුපස සිටියේ ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව සංවිධානය එස්.ජේ. එම්මානුවෙල් ක්‍රිස්තියානි පූජකවරයා බව සමස්ථ ලංකා හින්දු සම්මේලනය පවසයි.

මෙරට හින්දු ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් හමු වූ අවස්ථාවේදී හින්දු සම්මේලනයේ නියෝජිතයන් මේ බව සැලකර සිටියේය.

ජාත්‍යන්තර කොටි ජාලය හසුරවන මොහු තවමත් යාපනයට වී රටේ සාමාකාමී වාතාවරණය විනාශ කිරීමට කටයුතු කිරීම නැවැත්වීමට රජය වහා පියවර ගත යුතු බවද හින්දු සම්මේලනය මහා නාහිමියන් හමුවේ අවධාරණය කර ඇත.

ත්‍රස්තවාදයට අනුබල දෙන්නෙකු මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා රජය වීසා ලබාදීම අනුවන ක්‍රියාවක් බවත් මේ පිටුපස සිටින්නේ ඩයස්පොරවෙන් මුදල් ලබාගන්නා දකුණු පළාත නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු බවත් හින්දු සම්මේලනය මහා නාහිමියන් වෙත පෙන්වා දී තිබෙනවා.

Related posts

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 10,000ක්

colombotoday

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday