Colombo Today Local News

වසර 7ක් හරක් මස් නොතිබූ ඇඹිලිපිටියට හරක් මස් කඩයක්… භික්ෂූන් වහන්සේ විරෝධය දක්වති

වසර හතකට වැඩි කාලයක් ගවමස් වෙළදසැලකට අවසර නොදුන් ඇඹිලිපිටිය නගර සභාව පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්වන පුද්ගලයෙකුගේ කළ ඉල්ලීමක් සලකා ඔහුට තම මාලූ වෙළඳසැලේ පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදුන්නේ ය.

සභාපති ලලිත් ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවිය.

ලංකා පොදුජන පෙරමුණේ සභික කේ. රුවන් පතිරණ මහතා පැවසුවේ සුපිරි වෙළඳසැල්වල පැකට්කර ගවමස් අලෙවි කරන නිසා මෙම ඉල්ලිමට ඉඩදීම සාධාරණ බවත් ඉන් සභාවට ආදායමක් ලැබෙන නිසා ඊට ඉඩදිය යුතු බවත්ය.

ඒ අනුව ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවට තේරී පත්ව සිටින එම පෙරමුණේ සභිකයන් අට දෙනා හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරීපත්ව සිටින සභිකයන් තිදෙනා හෝ ජනතා විමුක්ති පෙරමුණෙන් සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන් දෙදෙනා යන කිසිදු සභිකයෙක් ඊට විරෝධය නොදැක්වීම නිසා ඉල්ලූම්කරුගේ මාළු වෙළෙදසැලේ පැකට් කළ ගවමස් විකිණීමට අවසර ලැබුණි.

විසුරුවා හැරීමට පෙර පසුගිය ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළේ ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමිය. උන්වහන්සේගේ පාලන කාලයේ දී ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙඳසලකට අවසර නොලැබුණි.

එම කාලයේ මන්ත‍්‍රීවරු හත් දෙනෙක් විය. පාලක එක්සත් ජනතා නිදහස් සංධානයට සභිපති හිමි අතුළුව මන්ත‍්‍රීවරු සිව් දෙනෙක්ද, එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ද ලෙසිනි.

එදා ඇඹිලිපිටියේ ගවමස් අලෙවි නොකළයුතු සහ ගවමස් කඩයක් පවත්වාගෙන නොයා යුතුය යන යෝජනාවට එකඟත්වය පළකල සරත් විතාරම සභිකයා මෙවර සභිකයෙකුවී අදහස් දැක්වුයේ ගවමස් විකිණීමට අවසර දීම වරදක් නොවන බවයි. එදා විරුද්ධවූ දිනේෂ් මධුශංක පාලක සභිකයා මෙදා නිහඬව සිටියේ ය.

නගර සභාවේ පාලනය අවසන් වීමෙන් පසු කොමසාරිස් පාලනයට නතුවිය. නගර සභාවේ ලේකම් ලෙස කටයුතු කළ අනුලා වඩුගේ මෙනවිය කොමසාරිස්වරයා ලෙස සිටි කාලයේ ද ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැලක් හෝ පවතින වෙළසැල් තුළ පැකට්කර හෝ අලෙවිකිරීමට අනුමැතියක් ලබා දි නොතිබුණි.

මාලූ වෙළඳසලක් තුළ පැකට්කළ ගවමස් අලෙවියට ඉඩදීම සම්බන්‍ධයෙන් ජාතික හෙළඋරුමයේ හිටපු නායක ඕමල්පෙ සෝභිත හිමියන්ගෙන් කළ විමසුමකදී උන් වහන්සේ එම යෝජනාවට සිය අප‍්‍රසාදය පළකරන බව කීහ.

‘‘ජාතික හෙළරුමයේ හිමිනමක් සභාපතිත්වය දරණ කාලේ ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැල ටෙන්ඩර් නොකිරීමට තීරණය කළා. ඒක සභාවේ වැඩි බලයක් මත ගත්ත තීන්දුවක්. ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ සියයට අනූනවයක් ඉන්නේ බෞද්ධයෝ. ගොවිතැන් බත් කරන ගොවියෝ. බෞද්ධ ගොවියාවත් හින්දු ආගමික අනුගාමීන්වත් ගවමස් බුදින්නේ නෑ. ඇඹිලිපිටිය නගරයේ ජනතාවගේ ඉල්ලීම වුණේ ඇඹිලිපිටිය නගරයට ගවමස් වෙළදසැලක් උවමනා නැති බවයි.’’

‘‘අලූතින් පත්වුණ නගර සභාවේ අයට කරන්න වැඩ කොච්චර තියැද්දිද මේ ගවමස් විකුණන්න අවසර දෙන්නේ. ඔය අවසරය දුන්නා කියලා සභාවට ආදායමක් එනවාද? ආදායමක් ආවා කියලා නොකළයුතු වෙළදාම් කරන්න අනුමැතිය දිය යුතුද? මේක හදිසි යෝජනාවක් ලෙස ගෙන ඒමේ හැකියාවක් නෑ. කාගේ උවමනාවට මේවා කරනවද මන්දා. ගවමස් කඩයක් ඇඹිලිපිටියට ඕනෑද කියලා ජනතාවගෙන් ඇසිය යුතුව ඇතැයි ද උන්වහන්සේ කීහ.

Related posts

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

colombotoday

බේබද්දන් පිරිසක් ශ්‍රීලනිප මූලස්ථානයට හූ කිව්වා.. එය වැදූ අම්මාට හූ කීවා වගේ – මහින්ද අමරවීර

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාද් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 8ක්

colombotoday

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

colombotoday

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසයි

colombotoday