කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා උතුරේ මියගිය වුන් සැමරීම පිලිබද කරන ලද ප්‍රකාශය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙනවා..
මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විරුවන් යැයි කියනා අය විසින් උතුරේදී මරා දැමුවේ මේ රටේ දරුවන් බවයි. ත්රස්තවාදීන් දරුවන් වන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විමසද්දී ඇමතිවරයා විමසා සිටියේ හමුදාව විසින් මරා දැමුවේ ත්‍රස්ථවාදීන් පමණක් ද යන්නයි. රණවිරුවන් විසින් සාමාන්‍ය වැසියන්ද ඝාතනය කළ බවට හැගවූ ඔහු ප්රභාකරන් හැදින්වූයේ “මහත්මයෙක්“ ලෙසිනි. එම ප්‍රකාශය පිළිබදව මේ වන විට විවිධ පාර්ශවවලින් දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.
වන්නි මානුෂීය මෙහෙයුමේ සේනාංකාධිපතිවරයෙකු මෙන්ම, ප්රභාකරන් මරා දැමූ සේනාංකයට අණදුන් මේජර් ජෙනරාල් කමල් ගුණරන්ත මහතා කියා සිටියේ රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය අදහා ගත නොහැකි පිළිකුල් සහගත එකක් බවයි.
අහිංසක වැසියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමූ ප්රභාකරන් මහත්මයෙකුනම් මිනියක්, දෙකක් මැරූ පාතල මැරයන්ටද මහත්වරුන් ලෙස ඇමතුවාට වරදක් නැතැයි හෙතෙම කියා සිටී.
සේනාංකාධිපතිවරයා දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.