Colombo Today Local News

ප්‍රභාකරන් මළ දා පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි උතුරේ සියලු පාසල්වලට නියෝග කරයි

මැයි 18 වනදා යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙයින් එදින ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ඉල්ලීමක් කොට ඇත.

උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මාධ්‍ය නිවේදනයක් කරමින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පති වරුන් හා ගුරුවරුන්ගෙන් අදාල ඉල්ලීම සිදු කොට ඇත.

එහිදී අමාත්‍ය වරයා විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය අවුරුදු 30 ක කාලය පුරාවට යුද්දය හේතුවෙන් තරුණ තරුණියන් වගේම විශාල ජනතාවක් මිය ගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන් ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන අතරම ඒ වෙනුවෙන් උතුරු පලාතේ පිහිටි පාසල්හි පලාත් ධජය අඩකුඹු කරන ලෙසට ඉල්ලා සිටින බවටත්ය.

Related posts

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday

ලංගමට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගුකරයි

colombotoday

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Admin

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday