Colombo Today Local News

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනයට රටඉදි තොග ගණන් ගෙන්වා බෙදාහරින්නැයි අගමැති නියෝග කරයි

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි තොග බෙදාහැරීමට කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලිම් සහ ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙවර මැදපෙරදිග රටඉදි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිලේ ලැබෙන රටඉදි තොඟ අඩුවීමක් සිදුව ඇති අතර මේ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි රටඉදි තොඟ මැදපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

එමෙන්ම රටඉදි තොඟ බෙදාහැරීම සඳහා මැදිහත් වන ලෙස සියලු පෞද්ගලික අංශ වෙත ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන් බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයින්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රටඉදි බෙදාහරිනු ලබන අතර පසුගිය වසරේ සවුදි අරාබියෙන් නොමිලේ ලබාදුන් රටඉදි ටොන් 150ක් බෙදාහැරීමට කටයුකු කර ඇති අතර ඊට සමගාමීව සතොස මඟින් ද රටඉදි ටොන් 150ක් බෙදා හැර තිබේ.

Related posts

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

කදුකරයට මහ වැසි ඇදහැළෙයි… ලක්ෂපානේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ…

colombotoday