Colombo Today Local News

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික්ටොන් 45000ක් පමණ ගබඩා කළ හැකි වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා 38ක් වී ඇටයක්වත් නොමැතිව අතහැර තිබෙන බව වාර්ථාවේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් කදුරුවෙල, පලුගස්දමන, ජයන්තිපුර, අභයපුර, ගල් අමුණ, බකමූණ, අරලගංවිල, විජයබාහුපුර, මනම්පිටිය, පුළස්තිගම ඇතුළු දිස්ත්‍රික්කය පුරා පිහිටි වී ගබඩා මෙසේ පාළුවටගොස් ඇතැයි තොරතුරු වාර්තා වේ.

නියං කාලගුණ තත්වය යටතේද ගොවීන් වී වගා කලද රජය විසින් සහතිකකළ මිලට වී ලබාදීමට කිසිඳු ගොවියෙකු ඉදිරිපත් නොවීම මත මෙම තත්වය උද්ගත වී ඇත. 2016 යල කන්නයේ සිට කන්න 3ක් කිසිඳු ගොවියෙකු වී අලෙවි මණ්ඩලයට වී අස්වනු ලබාදීමට ඉදිරිපත් වී නැත.

මේ වනවිට පොළොන්නරුව මාස් කන්නයේ වී අස්වනු නෙලමින් පවතින අතර නාඩු වී කිලෝව රුපියල් 45/50 අතර මිලකටත් සම්බා කිලෝව රුපියල් 55/58 අතර මිල ගණන්වලටත් අලවි වේ.

ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වන්නේ මෙසේ රජය සතුව ආරක්ෂිත ආහාර ගබඩා නොමැතිවීමෙන් ඉදිරි වසර පුරා සහල් මිල පාලනය කිරීමට රජයට ඇති හැකියාව ඉතාම අවම වන බවයි.එසේම පෞද්ගලික සහල් නිෂ්පාදකයින් හිතූ හිතූ මිල ගණන්වලට සහල් අලෙවි කිරීමට පෙලඹෙනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Lankatruth

Related posts

රැට්ටා , ළහිරු ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ්

colombotoday

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin