Colombo Today Local NewsHot News

පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ – ගම්මන්පිල

“අපි දැක්කා පසුගිය සතියේ රටම ආන්දෝලනාත්මක තත්වයකට ඇද දමමින්, වසර දහස් ගනනක් නිරුපද්ධිතව පැවතුණු විජිතපුර පරිවාර බලකොටුවක් වුණු , නිවාස සංවර්ධන අධිකාරියෙන් බුල්ඩෝසර් කරලා විනාශ කරනවා. ඊට අවසරය ලබා දීලා තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් බව නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කියනවා.” යැයි අද (09) පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංත්‍රීවරයා සඳහන් කර සිටියේ,

වසර දහස් ගණනක් උතුරු නැගෙන හිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල නිරුපද්‍රිතව පැවැති වටිනා බෞද්ධ උරුමයන් පසුගිය වසර තුනේ මහ පරිමාණයෙන් ඉතාම සැලසුම් සහගතව විවිධ බොරු හේතු දක්වමින් විනාශ කරමින් පවතිනවා. මේ විනාශ කරන්නේ අපේ උරුමය විතරක් නොවෙයි. අපේ ඉතිහාසයේ කතන්දරයේ ජීව මාන සාක්ෂියි. අපි කවුදැයි අපට අමතක කරවීමට ජාත්‍යන්තර ප්‍රජාව එන් ජී ඕ හරහා උත්සහ දරද්දී අපේ ඉතිහාසය අපට නිහඩව උගන්වමින් සිටින පිරිස තමයි පුරා වස්තු කියන්නේ.

මේ පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ කියලා අපට කියන්න පුළුවන්.

පුරාවිද්‍යා ආඥා පනත හරිම බලගතුයි. මේ නීතිය යටතේ අත් අඩංගුවට ගත් අයෙකුට ඇප ලබා ගන්න පුළුවන් ඉහළ උසාවියෙන් පමණයි. එහෙම තිබියදිත් බලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය අපට තියෙනවා. මේ පුරාවස්තු විනාශයට නීතිය ක්‍රියාත්මක නොකර නිහඩව ඉන්න ආණ්ඩුව උත්සහ කලොත් මහ සඟරුවන පාරට බැහැලා රට තුල වෙනත් කලබල නොසන්සුන් තා ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න කියලා අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා.

Related posts

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

colombotoday

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

colombotoday

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday