Colombo Today Local News

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

සේරුවාවිල ප්‍රදේශයේ ජනතාවගේ දරුවන් පාසල් යෑවීම සඳහා දිනපතාම වෙලාවට පැමිණෙන ලංගම බස්‌ රථය ඊයේ (8 දා) උදෑසන නියමිත වේලාවට නොපැමිණීම නිසා කුපිත වූ දෙමාපියන් පිරිසක්‌ මේ පිළිබඳව සේරුනුවර පොලිසියට ගොස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. මගලේගොඩ මහතාට පැමිණිලි කර ඇත.

එම මොහොතේම ක්‍රියාත්මක වූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා බසය අයත් මුතූර් ඩිපෝවට කථාකර විමසා ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ බස්‌ සියල්ල මැයි රැලියට යැම නිසා ඊයේ බස්‌ රථය එවීමට නොහැකි වී ඇති බවයි.

මේ ගැන දෙමාපියන්ට දන්වා දෙමාපියන් සන්සුන් කළ ස්‌ථානාධිපතිවරයා දරුවන් කන්තලේට ගෙන ඒම සඳහා පොලිස්‌ රථ වාහන ලබා දීමට කන්තලේ කෝට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී අජිත් හේසිරි මහතාගෙන් විමසා ඇති අතර පොලිස්‌ අධිකාරිවරයා ඊට අවසරයද ලබා දී ඇත. ඒත් ඒ වනවිට වේලාව ඉක්‌මවා ගොස්‌ තිබූ බැවින් දෙමාපියෝ තම දරුවන් ද සමඟ නිවෙස්‌ කරා ගියහ.

සේරුනුවර කන්තලේ යා කරන මහවැලි පාලම මේ වනවිට අලුත් වැඩියා කෙරෙන හෙයින් සේරුනුවර සිට කන්තලේ බලා යන බස්‌ රථ පාලම ළඟට පමණක්‌ ළඟා වෙයි. එතැනින් පා ගමනින් අනෙක්‌ පසට ගොස්‌ කන්තලේ සිට පාලම ළඟට පැමිණෙන බස්‌ රථයක නැගී යැමට මගීන්ට සිදු වෙයි.

Related posts

වැඩි සීනි කන අයට බදු !

colombotoday

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

දියතලාව බස් බෝම්බයට සැක හමුදා නිලධාරියාට නඩු !

colombotoday