ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම මහතාට ත්රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැදවා ඇති අතර ඒ අනුව එළැඹෙන 10 දා ඔහුට ත්රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් බැවින් තමන් ඒ වෙනුවට වෙනත් දිනයක් ඉල්ලා සිටින බව මන්ත්රීවරයා සඳහන් කළා.
පසුගිය දිනවල මහනුවර ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 353 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඉන් පුද්ගලයින් 220 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.