Colombo Today Local News

“2020 ජනපති අපෙක්ෂකයා රනිල්” – ෆොන්සේකා… “2020 අපේක්ෂකයා තෝරන්නේ ජනතාවයි” – සජිත්

2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපෙක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඔහුව ජනාධිපතිවරයා බවට පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

2015 වසරේ වැරදි පුද්ගලයෙක් ජනාධිපති කිරීමේ ප්‍රතිඵල අද භුක්ති විදින බවත් එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිම සදහා සියළුදෙනා එක්විය යුතු බවත් හෙතෙම කියා සිටී.

ෆොන්සේකා මහතා මෙම අදහස් පලකලේ ඊයේ 6 පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමිනි.

එම රැලිය අමතමින් එක්සත් ජාතික පක්ෂ උප නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 2020 එජාප ජනාධිපති අපෙක්ෂකයා තෝරන්නේ ජනතාව බවයි.

ලක්ෂ ගණනින් ජනතාව ගාලු මුවදොරට රැස්කර ඔවුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් එජාපයේ ජනාධිපති අපෙක්ෂකයා කවුදැයි තීරණය කළ යුතු යැයිද කී සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපතිවරණය ජය ගැනීමට පෙර පළාත් පාලන මැතිවරණය ජය ගැනීමේ අභියෝගය ජයගත යුතු යැයිද කියා සිටියේය.

Related posts

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

Admin

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

colombotoday

ලිබියාවේ මැතිවරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉල්ලයි

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin