Colombo Today Local News

දැයට සෙත පතා අසදෘස රුවන්වැලි මහා සෑ රදුන්ට චීවර ලක්ෂයක් පූජා කෙරෙන වගයි (Video)

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව

රටට, ජාතිය සෙත් ශාන්තිය, සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වෙත චීවර ලක්ෂයක පූජාවක් සිදුකෙරෙන බව නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

පොසොන් මස (ජුනි) 30 වැනි සෙනසුරාදා අටමස්ථානාධිපති නායකහිමියන් ප්‍රමුඛ අනුරාධපුර මහා විහාරයේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සිදුකෙරෙන බවද නාහිමියන් සදහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සංකල්පයක් මත ආරම්භකළ මෙම පූජා පිංකම අනුරාධපුර මහා විහාරය විසින් බුද්ධශාසන සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය වන බවද නාහිමියන් පවසා සිටියහ.

රට දැය උවදුරට පත්වූ අවස්ථාවල රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන් අභියස පෙර රජදරුවන් විසින්ද මෙවැනි මහා පිංකම් සිදුකළ බවත්, ඒ මග යමින් රට දැය උවදුරට පත්ව ඇති මේ අවස්ථාවේ මහා සෑය මෙම පිංකම සිදුකෙරෙන බවද හේමරතන නාහිමියෝ වැඩිදුරටත් සදහන් කර සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/Buddhasasanamedia/videos/1995542107429682/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

colombotoday

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday