Colombo Today Local News

මහින්ද රාජපක්ෂටවත් කරන්න බැරිවුණ වැඩ මම කරා කියා හම්බන්තොට ජනතාව කියනවා – ඇමති අමරවීර

හමිබන්තොට දිස්ත්‍රික්කේ බොහො පිරිස් මට මෙ දවස් වල කෝල් කරලා කියනවා මහින්ද මහත්තයාටවත් ධිවර ඇමතිකමෙ ඉදිද්දි කරන්න බැරි උන ජනතා සේවයක් ඔබතුමා ඉටුකරා කියලා යැයි හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම ඇමතිවරයා ලෙස වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ හෙතෙම මේ බව කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ල ලබාගෙන ඇත්තේ කථානායකවරයාගේ ඉල්ලීමක්‌ මත බවත් තමාට සැප පහසු ගොඩනැඟිලිවල සිටීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවත් හැකි නම් පෙර තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල නැවත ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට මෙම ගොඩනැඟිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණා. එතුමාගේ වුවමනාවට මෙතනට ආව නෙවෙයි. ඔහුට අනවශ්‍ය විදිහට බැණුම් අහන්න සිද්ධ වුණා. රජයේ අවශ්‍යතාවක්‌ හා කථානායකගේ ඉල්ලීමක්‌ මතයි ඒ කටයුත්ත කළේ. තිබුණු ගොඩනැඟිල්ල මන්ත්‍රී කාරක සභාවලට අවශ්‍යයි කියලා අරගෙන තිබුණේ. යැයි අමාත්‍යවරයා එහිදි කියා සිටියේය.

Related posts

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday

තෙල්දෙණියේ ගිනි නිවන්න STF කැදවයි.. විරෝධතා, පෙලපාලි තහනම්.. ආරක්ෂාව තර කරයි

colombotoday

විනිසුරු තිළිණ ගමගේ මොරටුවට දිසා අධිකරණයට මාරු කරයි

Admin

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

colombotoday

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin