Colombo Today Local News

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මැයි රැළිය ඊයේ යාපනයේදී පැවැත්විණි.

යාපනය නගරසභා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ ජවිපේ මැයි පෙළපාලිය යාපනය නගරය හරහා නැවතත් නගරසභා ක්‍රීඩාංගනයට පිවිසියහ.

එම පෙළපාලිය සදහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාද සහභාගී විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ජවිපෙ විසින් ගෙන ඒමට සූදානම් වන 20 වන සංශෝධනයට සහය දැක්වීම සදහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. දෙමළ ජනතාවට පවතිනවායැයි කියන ගැටළුවලට ස්ථීර දේශපාලන විසදුමක් සහිත නව ව්‍යවස්ථාවක් ගෙන එම එම කොන්දේසියයි.

නව ව්‍යවස්ථාව හරහා 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගොස් පළාත්සභාවලට ඉඩම්, පොලිස් සහ පරිපාලන බලය ලැබෙන ෆෙඩරල් ආකෘතියේ විසදුමක් දෙමළ සන්ධානයේ මූලික ඉල්ලීම වන වේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදී විධායකය අහෝසි කිරීමට ජවිපෙ ගෙන එන යෝජනාව සම්මතවුවහොත් මේ රට ෆෙඩරල්කරණය කිරීමට තිබූ මූලික බාධාව ඉවත් වන බව විචාරකයන් පෙන්වා දෙති. ඒ අනුව දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එකම මාවතකට අවතීර්ණව ඇති බවද ඔවුහූ පෙන්වා දෙති.

Related posts

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වෙයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

colombotoday

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday