Colombo Today Local News

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

idam

කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි යුද සමයේ ආරක්ෂක අවශ්‍යතාවයන් සඳහා සන්නද්ධ හමුදාවන් සතුව පැවති තවත් ඉඩම් අක්කර 613ක් මුල් ඉඩම් හිමිකරුවන් යැයි හදුනාගත් අයට සහ අවතැන් වූ ජනතාව වෙත ලබාදීම කිලිනොච්චිහි වඩමාරච්චි ප්‍රදේශයේ 5 වැනිදා පැවති ජාතික වැපිරීම් සහ කෘෂිකාර්මික උත්සවයට සහබාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

මුලතිව් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයන් යටතේ යුද්ධය සමයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 474ක් සහ මුලතිව් දිස්ත්‍රක්කයේ ඉඩම් අක්කර 139ක් වශයෙන් ඉඩම් අක්කර 613 ක් ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යටතේ පැවතිනි.

මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි මස උතුරේ සංචාරය කළ අවස්ථාවේ තවත් ඉඩම් අක්කර 1000ක් සිවිල් වැසියන් අතට පත් කරනු ලැබීය.

Related posts

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

colombotoday

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

colombotoday

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin