Colombo Today Local News

පාර්ලිමේන්තු නව සැසිවාරය : ජනපතිගේ දෙවැනි ගැසට් එකෙත් අවුලක්…

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ වේලාව සඳහන් කරමින්, ජනාධිපතිවරයාගේ අණ පරිදි 2018 අප්‍රේල් මස 23දා (සඳුදා) අංක 2068/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ඊට අදාළ නොවන අනු ව්‍යවස්ථාවක් ඇතුළත් කරමිනි.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් – වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වන මම වර්ෂ දෙදහස් දහඅටක් වූ මැයි මස අටවැනි දින පස්වරු 2.15ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුයි” යනුවෙන් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ එම ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් – වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යස්ථාවේ සඳහන්ව ඇත්තේ, “යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය” යනුවෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර 2018 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බවත්, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් 2018 මැයි මස 08 වැනි දිනය නියම කරන බවත් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් අප්‍රේල් 12 දා නිකුත් කරනු ලැබීය. එය නිකුත් වූයේ පාර්ලිමේන්තුව රැස්වන වේලාවක් සඳහන් නොකරමිනි.

Mawubima

Related posts

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ තිරණයක්

colombotoday

කිරි පිටි විසයිනම් ආනයනය වහාම නවත්වන්න – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

colombotoday