Colombo Today Sports News

2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේ

2019 වසරේ එක්දින ලෝක කුසලානය මැයි 30දා සිට ජුලි 14 දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පවත්වා ඇති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ.

2019 වසරේ ඉන්දීය ප්‍රිරිමියර් ලීග තරගාවලිය මාර්තු මස 29දා සිට මැයි මස 19දා තෙක් පැවැත්වීමට නියමිත හෙයින් ඉන්දීය ප්‍රිරිමියර් තරගාවලිය හා ජාත්‍යන්ත තරග අතර දින 15ක හිඩසක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලෝධා කමිටුව නිර්දේශ කර ඇති බැවින් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජුනි 04දා දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

මුලින්ම මෙම තරගය ජුනි 02දා පැවැත්වීමට නියමිතව තිබුණද පසුව දින 15 හේතුවෙන් එය ජුනි 04 දා දක්වා කල්දැමීමට අයි.සී.සී.ය තීරණය කර ඇත.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීමට ප්‍රථමව ඉන්දියාව හා සාකච්ඡා කිරීමට අයි.සී.සීය කටයුතු කර ඇත.

Related posts

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Admin

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

Admin

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

ටෝකියෝ ඔලිම්පික් සැණකෙළිය අද ඇරඹේ

colombotoday