Colombo Today Local News

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි.. ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? අවසන් තීරණය අද

ශ්‍රී ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම අද (24දා) පැවැත්වෙන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී සිදුවනු ඇතැයි පැවසේ.

ජාතික ආණ්ඩුව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවද බොහෝදුරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද භාරදීමට නියමිතව ඇත.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් පෙරේදා (22දා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදී දීර්ඝ ලෙස සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

ශ්‍රී ලනිප මහලේකම් ධුරයේ මෙන්ම එජනිස මහලේකම් ධුරයේද වෙනසක් ඇතිවිය යුතු බවට පසුගිය කාලය පුරා පක්ෂයේ බහුතරයක් වූ ජේ‍යෂ්ඨ සාමාජිකයෝ මත ප්‍රකාශ කළහ.

අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වනු ඇති බවද පැවසේ.

ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ නායකයන්ගේ අදහස වන්නේ එම තනතුරුවල වෙනසක් සිදුවන්නේ නම් ඒ සඳහා පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත්, පක්ෂය රැකගැනීමට කටයුතු කරන දෙදෙනකුට ලබාදිය යුතු බවටයි.

කෙසේ වෙතත් එම තනතුරු සඳහා මීට පෙර ලේකම්වරුන් ලෙස කටයුතු කළ පුද්ගලයන්ට ජනාධිපතිවරයා විසින් යළි අවස්ථාව ලබානොදෙනු ඇති බවද පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

Related posts

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාදී ගැටුමක්

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සමගින් “ශ්‍රී TV හෙලිදරව්ව” සජීවීව

colombotoday

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday