Colombo Today Local News

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

සන්ධානයේ ලේකම් මහින්ද අමරවීරගේ ක්‍රියා කලාපය දකුණේ අපිට විලි ලැජ්ජාවට කාරණාවක් වී ඇති බව දකුණු පළාත් සභාවේ සභා නායක සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානාච්චි මහතා පවසයි.

ඊයේ (23දා) කරන්දෙණිය ප්‍රදේශයේ අලුත් අවුරුදු උත්සවයකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවැසීය. දකුණෙ නායකයන් කවදාවත් පක්‍ෂ පාවා දෙන අය වුණේ නැහැ. දකුණෙන් බිහිවුණු දේශපාලන නායකයන් හැමදාම දකුණේ ගෞරවය රැකෙන පරිදි වැඩ කළේ. නමුත් මේ ලේකම්වරයා සන්ධානයේ පමණක් නොවේ දකුණේ අභිමානයත් නැති කරනවා. අද රටේම විවේචනයට භාජන වෙලා. එයා කරන දේවල් එයාම දන්නේ නැහැ.

උදේ කියන එක දවල්ට වෙනස් කරනවා. අපි දිනපු සභාවලට මුදල් දෙන්නේ නෑ කියනවා. අවම වශයෙන් දේශපාලනඥයෙක් කරන දේවල්වත් නොවේ කරන්නේ. එ.ජා.පයේ අයවත් කියන්නේ නෑ. තමන් තමන් පැරදුණු සභාවලට සල්ලි දෙන්නේ නැහැ කියලා. නමුත් මේ මනුස්සයා ඒකත් කියනවා. අද රටේම දෝෂදර්ශනයට ලක්වුණු ලේකම්වරයා දකුණේ කෙනෙක් වීම ගැන අපිටත් ලැජ්ජයි. ඒ වගේම ඔය හැම තැනම කෑ ගහන මම එතුමට අභියෝග කරනවා ඔබතුමාට පාර්ලිමේන්තුව නම් දැන් දිනන්න කොහොමත් බෑ. පුළුවන් නම් ඉදිරියේ තියෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී දිනලා පෙන්වන්න කියා.

Related posts

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

colombotoday

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

colombotoday

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

Admin

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday

දිලීත්ගේ අරක්කුවලට සීල් තියයි

Admin

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday